• Back

    මෙම තත්වයට ප්‍රතිකාර කිරීමෙන් පසු කුමක් සිදුවෙයිද ?


    මෙවැනි ළමුන් උපතේදීම හඳුනාගෙන හැකි ඉක්මනින් ප්‍රතිකාර පටන්ගතහොත් ඔවුනට අනෙක් ළමුන් මෙන් සාමාන්‍යය ජීවිතයක් ගත කිරීමට හැකියාව ඇත.එහෙත් සමහර ළමුන් ප්‍රතිකාර කල නමුත් ඉගෙනීමේ දුර්වලතා පෙන්වති.ඔවුන් සදහා විශේෂ ඉගෙනුම් ක්‍රියාවලියක් අවශ්‍ය වෙයි.තවත් සමහර ළමුන් තම සමවයසේ ළමුන්ට වඩා වර්ධනයෙන් බාල වෙති. ප්‍රතිකාර පටන් ගනිම මාස 7කට වඩා පමාවුවහොත් දරුවාගේ කායික හා බුද්ධි වර්ධනයේ පසුබෑම් අති වේ.එහෙත් මෙම රෝගී තත්වයන් අති විම දරුවාගෙන් දරුවාට වෙනස් වෙයි.


    මෙම තත්වය මාගේ දරුවාට ප්‍රවේණිගතව වැළඳී ඇති බව දැන ගන්නේ කෙසේද ?

    මෙම රෝගී තත්වයෙන් පෙලෙන දරුවන්ගෙන් 80-85% දෙනෙකුගේම හේතුව වනුයේ උප්පත්තියේ සිටම තයිරොයිඩ් ග්‍රන්ථිය අහිමි විම හෝ නිසි ප්‍රමානයට වර්ධනය නොවීම හෝ නියමිත ස්ථානයේ නොපිහිටීමයි.ඉතිරි 15%ක් පමණ දරුවන්ගේ තයිරොයිඩ් ග්‍රන්ථිය නියමිත පරිදි වර්ධනය වී ඇතිමුත් නිපදවන හෝමෝන ප්‍රමාණය අඩු වී ඇත.එවැනි ළමුන් සමහරකට මෙම රෝගී තත්වය ප්‍රවේණිගතව උරුම වී ඇත. එවැනි තත්වයන් සැක කරනවිට එම දරුවා ජාන පිලිබද විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කල යුතුය.

    මෙම ප්‍රවේණිගත ආජන්ම මන්ද තයිරොයිඩතාවයට ප්‍රධානතම හේතුව වනුයේ අලිංග නිලීන ප්‍රවේණියයි.මෙම තත්වය ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සම සමව බලපායි. මොවුන්ගේ දෙමාපියන්ටද ඉතා කලතුරකින් රෝගී තත්වය තිබිය හැක.ඔවුන්ගේ වර්ණදේහවල මෙම අලිංග නිලීන ජාන එකක් පමණක් ඇති නිසා ඔවුන් වාහකයන් ලෙස ක්‍රියා කරයි.එබැවින් මොවුන් ආජන්ම මන්ද තයිරොයිඩතාවයේ රොගී ලක්ෂන නොපෙන්වයි. මව පියා දෙදෙනාම වාහකයන් වු විට ඔවුනට ලැබෙන දරුවකුට මෙම රෝගී තත්වය අති විමට 25% සම්භාවිතාවක් ඇත.එම දරුවා වාහකයකුවීමට 50%ක සම්භාවිතාවක් ඇති අතර සාමාන්‍යය දරුවකු වීමටද 25%ක සම්භාවිතාවක් ඇත. පහත රූප සටහනින් මෙය තව දුරටත් විස්තර කෙරේ

     
© Faculty of Medicine,University of Ruhuna | All Rights Reserved
CSS Layout by RamblingSoul.com | XHTML | CSS